ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (06) දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට  SSC කණ්ඩායමේ ශෙවොන් ඩැනියෙල් සමත් වුනා.

0
Views: 3

පෙර දිනයේ දී නොදැවී ලකුණු 39ක් ලබා සිටි 19 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු ශෙවෝන් ඩැනියෙල් අද තම පළමුපෙළ තරග දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පානදුර ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 137ක් ලබා ගත්තා.

මේ අතර CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ද, බදුරලිය කණ්ඩායමේ රනේෂ් සිල්වා පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ද, Ace Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ද සහ Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 60ක් ද ලබා ගනිමින් අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යැවීමේ දී පොලිස් කණ්ඩායම නියෝජනය කරන වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ද අද තම පළමුපෙළ කඩුලු 900 කඩඉම පසු කළා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 92කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ පළමුපෙළ තරග දිවියේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 77 වැනි අවස්ථාව බවට පත් වුනා.

ඊට අමතරව බදුරලිය කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චානක කොමසාරු NCC කණ්ඩායමට එරෙහිව ලකුණු 97කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙනවා. එය ඔහුගේ පළමුපෙළ තරග දිවියේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් 46 වැනි අවස්ථාවයි.

මේ අතර ගුවන් හමුදා කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන මොවින් සුබසිංහ ද පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වන ලද අතර එය ඔහුගේ පළමුපෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත්වුනා.

sportzlanka.com

Views: 3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *