19න් පහළ 1 සහ 2 අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය 2023 – පාසල් 32ක් අර් ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

0
Views: 0

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමුපෙළ සහ දෙවනපෙළ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා පාසල් 32ක් සුදුසුකම් ලබා තිබෙනවා.

කාණ්ඩ හතරක් ඔස්සේ පැවැත්වෙන මෙම තරගාවලියේ අර් ධ අවසන් පූර්ව වටයේ තරග මෙම සතියේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමුපෙළ – Tier A

පාසල් 20 කාණ්ඩ දෙකකට බෙදා වෙන් කරමින් පැවති මෙම කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක් කාණ්ඩයකින් කණ්ඩායම් හතරක් බැගින් සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම කාණ්ඩයේ වත්මන් ශූරයින් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ අනුශූරයින් වන ගාල්ල රිච්මන්ඩ් ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ ද අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් Y කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබෙන අතර X කාණ්ඩයේ පෙරමුණ දිනා ගත්තේ කඳාන ද මැසනඩ් කණ්ඩායමයි.

සාන්ත තෝමස් විද්‍යාලයට අමතරව Y කාණ්ඩයෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබද්දී, Y කාණ්ඩයෙන් කොළඹ රාජකීය විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම් වෙනවා.

Tier A කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග,

කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය 
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය  
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 

පළමුපෙළ – Tier B

Tier B කාණ්ඩයේ වත්මන් ශූරයින් වන බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයින් සහ අනුශූරයින් වන කොළඹ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ ද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

එක් කාණ්ඩයකින් සාන්ත පීතර විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර අනෙක් කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සුදුසුකම් ලබා තිබෙනවා.

Tier B කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග,

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය 
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය 
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය 
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය 

දෙවනපෙළ – Tier A

ලීග් ක්‍රමයට පැවති මූලික වටයේ තරග වලින් පසුව කණ්ඩායම් අටක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, පානදුර සාන්ත ජෝන් විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය එක් කාණ්ඩයකින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

අනෙක් කාණ්ඩය නියෝජනය කළ කණ්ඩායම් අතුරින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, යාපනය සාන්ත ජෝන් විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

Tier A කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග,

වත්තල ලයිසියම් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය  
පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය  
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය  
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය  

දෙවනපෙළ – Tier B

Tier B කොටසේ ලීග් ක්‍රමයට පැවති මූලික වටයේ තරග වලින් පසුව කණ්ඩායම් අටක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

අම්බලන්ගොඩ පී. ඩී. එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, හේනගම මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ අසෝක විද්‍යාලය එක් කාණ්ඩයකින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

Tier B කොටසේ අනෙක් කාණ්ඩය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහ ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

Tier B කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග,

පී. ඩී. එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය  
මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ හේනගම මධ්‍ය මහා විද්‍යාලය  
කොළඹ අසෝල විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය  
තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සහ ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය
Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *