ශ්‍රී ලංකාවට මොකද උනේ…..?

0
Views: 2

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහබාගි වන අවසාන තරගය අද බැංගලෝර් හිදී ආරම්භ උනා.කාසියේ වාසිය දිනු කුසල් මෙන්ඩිස් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

සිය සුපුරුදු දුර්වල ක්‍රීඩා විලාශය විදහා දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය්ර්ත් පිටියෙහි සාර්ථක වීමට නොහැකි විය.පිතිකරුවන්ට යෝග්‍ය තනතිරුවක් ඇති බැංගලෝර් ක්‍රීඩාපිටියේ ශ්‍රී ලංකා මුල් පෙළ වගකීම් විරහිතව ක්‍රීඩා කරන ලදී.දිගින් දිගටම අසාර්ථක වූ කුසල් පෙරේරා අද ලකුණු අතරට පැමිණියද ඔහුට සහයක් ලබා දිමට අනෙක් ක්‍රීඩකයන්ට නොහැකි විය.

මුල්පෙළ කඩා වැටෙද්දී පන්දු යවන්නන් වූ මහිෂ් තීක්ෂණ හා දිල්ෂාන් මදුශංක පසු පෙළ තනිව සටන් කොට ශ්‍රී ලංකා කණ්ඩායම අවමානයෙන් බේරා ගැනීමට දැඩි වෙහෙසක් දැරුහ.මහිෂ් තීක්ෂණගේ වටිනා ලකුණු 38 හා දිල්ෂාන් මදුශංකගේ වටිනා ලකුණු 38 ශ්‍රී ලංකාව ලකුණු 171 ක සීමාවකට රැගෙන ගියහ..වේගවත් ඉනිමක් ක්‍රීඩා කල කුසල් පෙරේරා පන්දු 28 කින් ලකුණු 51 ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසිලන්ත කණ්ඩායම පන්දු වාර 23.2 කදී කඩුලු 05 ක් දැවී සිය ඉලක්කය පහසුවෙන් සපුරා ගත්හ.නවසීලන්තය වෙනුවෙන් ඩෙවොන් චොන්වේ ලකුණු 45 ක්ද ,ඩැරල් මිචෙල් ලකුණු 43 ක් ද,රචින් රවින්ද්‍ර ලකුණු 42 ක්ද ලබාගත් හ.

පන්දු යැවීමේදී මැතිව්ස් කදුළු 02 ක් ද ලබා ගත්හ.

තරගයේ වීරයා ට්‍රෙන්ට් බෝල්ට්

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *