දකුණු අප්‍රිකාව තවත් ජයක් ලබයි

0
Views: 1

ඇෆ්ගනිස්ථානය හා දකුණු අප්‍රිකාව අතර අද පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වෙනි තරගයෙන් කඩුලු 05 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.ඇෆ්ගනිස්ථානය ලබා දුන් ලකුණු 245 ක ඉලක්කය පන්දුවාර 47.3 කදී ඉතා පහසුවෙන් පසුකරමින් තමන්ගේ සටන්කාමිත්වය ප්‍රදර්ශනය කළේය.
මුල් වටයේ මේ දක්වා පැවතී තරග 09 න් 08 ක්ම ජය ගැන්මට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය ඔවුන් පරාජයට පත් වුයේ ඉන්දියාවට පමණි .

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමෙහි පන්දු යවන්නන් විටෙක සිය ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළහ.නමුත් දකුණු අප්රිකනුවන්ගේ ශක්තිමත් මැදපෙළ කඩාදැමීමට ඔවූනට නොහැකි විය.ධක්ෂ පිතිහරබයක නිරත වූ රසි වැන් ඩර් ඩසන් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තේය.කුවින්ටන් දේ කොක් ලකුණු 41 යි.ඇල්ඩ් පිලේක්වයෝ නොදැවී ලකුණු 37 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී මොහොමඩ් නබි හා රෂිඩ් ඛාන් කඩුලු 02 බැගින් ලබගත්ත්ය.
මෙවර ලද පරාජයත් සමග ඇෆ්ඝනිස්තානය ලෝක කුසලාන තරගාවලියේන් ඉවත් විය.නමුත් ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන් 06 වන ස්ථානයේ රැදීසිටින බැවින් 2025 ශුරයන්ගේ කුසලානයට ඔවුන් සුදුසුකම් ලැබිය.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *