ICC හි ඉහළම සම්මානය අරවින්ද ද සිල්වාට…….

0
Views: 1

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන ඉහළම සම්මානය වන හෝල් ඔෆ් ෆේම් සම්මානය ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාට හිමිවනු ඇත.

ජාත්‍යන්තර ටෙස්ට් සහ එක්දින තරගවලදී සුවිශේෂී දස්කම් දැක්වූ අරවින්ද ද සිල්වාට මෙම සම්මානය පිරිනැමීම ලබන 14 වැනිදා මුම්බායිහිදී සිදුකිරීමට නියමිතයි.වසර 19ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අරවින්ද ද සිල්වා එම කාලය තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරග 401කට ක්‍රීඩා කර ඇත.

ඔහු ටෙස්ට් තරග 93කදී ලකුණු 6361ක් ලබාගෙන ඇති අතර සාමාන්‍ය 42.97ක් වන අතර එක්දින තරග 308කදී ලකුණු 9284ක් රැස්කරගෙන ඇත්තේ සාමාන්‍ය 34.90ක් ලෙසිනි. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසන් තරඟයේදී ශතකයක් ලබාගත්හ., කණ්ඩායම පළමු ලෝක කුසලානය දිනා ගැනීමට හේතුව වුයේද ඔහුගේ පිතිකරණය හා පන්දු යැවීමයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගත් කල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන ඉහළම සම්මානය වන හෝල් ඔෆ් ෆේම් සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ ක්‍රීඩකයින් තිදෙනෙකුට පමණි. කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ මහේල ජයවර්ධන මිට පෙර මෙම සම්මානය ලබා ඇත.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *