ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියි

0
Views: 1

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැද සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සංචිතය වෙනුවෙන් සමාව අයැද සිටියේය.

තරගාවලියේදී අඩු දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තර්ජන හෝ බාහිර බලපෑම් එල්ල නොවූ බවද ඔහු පැවසීය.එසේම ක්‍රිකට් පරිපාලනයේ හෝ වෙනත් පුද්ගලයන්ගේ ප්‍රශ්න අපට හෝ මේ ක්‍රීඩකයන්ට අදාළ නැති බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම අත්දැකීම් තුළින් අපට පාලනය කළ හැක්කේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සහ වැරදි නිවැරදි කිරීම පමණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තරග තහනම කඩිනමින් ඉවත් කර කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

තවද, තේරීම් කමිටුව දැනට සිටින ක්‍රීඩකයන්ගෙන් හොඳම කණ්ඩායම තෝරාගෙන ඇති නමුත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියේදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ බව ජයවර්ධන ප්‍රකාශ කළේය.

ඉන්දියාවේදී පැවැති ඕවර 50 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තරග 9 කදී පරාජයන් හතකට මුහුණ දුන් හෙයින් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි ගමන ඔවුනට අහිමි විය.

බ්‍රහස්පතින්දා බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී නවසීලන්තය හමුවේ කඩුලු පහකින් පරාජයට පත් වූ අතර ඒ වන විටත් ඉවත්ව සිටි ශ්‍රී ලංකාව 2025 ICC චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *