අනුරාධපුරේ දනිදුගෙන් පාසල් ක්‍රිකට් වාර්තාවක්

15 න් පහල තෙවන කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය හා අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසැල අතර පසුගියදා අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වින.
එහිදී මෙරට පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව තුල ක්‍රීඩකයෙකු ලබාගත් ඉහලම ලකුණු වාර්තාව ලබා ගැනීමට අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ දනිදු සෙල්ලප්පෙරුම සමත් වුනා.ඒ ලකුණු 553 ක් ලබා ගනිමිනි.ඔවු පන්දු 204 ක් තුලදී 6 පහර 31 ක් හා 4 පහර 63 ක් ලබා ගනිමින් මෙම දක්ෂතාවය පෙන්විය.ඔහු බිද හෙලනු ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද පරණවිතාන ලකුණු 409 ක් ලබා තබා තිබු වාර්තාවයි.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී එක කඩුල්ලක් දැවී ලකුණු 722 ක් ලබා ගත්තේය.
තවමත් 14 වන වියේ පසුවන දනිදු අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලබනවා.
කුඩා කළ සිට පාපන්දු ක්‍රීඩාවේ නිතර වුවද සිය කැමැත්ත මත ඔහු 6 වැනි ශ්‍රෙණියේ දී පාපන්දුව අත් හැර ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවී තිබේ. දනිඳු ක්‍රීඩා කළ පළමු පාසල් තරගයේදීම ලකුණු නොලබා දැවී ගියත් අද වන විට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාෙව් වාර්තා තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට තරම් දක්ෂයකු වී සිටී.
දනිඳු ඉදිරියේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් වනු නොඅනුමානය. ඒ දක්වා වන ගමනේදී ඔහුගේ දක්ෂතා තවදුරටත් මුවහත් කරගැනීමට දනිඳු රැකබලාගැනීම පාසල් ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමය.