පකිස්ථාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.

0
Views: 0

2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම මූලික අදියරෙන් සිය කණඩායම ඉවත්වීමෙන් පසු ඔවුන්ගේ පුහුණු කාර් ය මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් නිවේදනය කර තිබේ.

එංගලන්තය හමුවේ පරාජය වීමත් සමගින් පාකිස්තානය සුපිරි හතර දෙනාගෙ වටයට ඇතුලත් වීමට සුදුසුකම් නොලැබිය. සිය කණ්ඩායම මුලික වටයෙන් ඉවත් වී දින දෙකකට පසුව පකිස්ථාන පිරිමි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු මෝනි මෝකල් ධූරයෙන් ඉල්ලා අස්වන බවට නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

දකුණු අප්‍රිකාවේ හිටපු වේග පන්දු යවන්නකු වන මෝකල් මේ වසරේ ජුනි මාසයේදී මාස හයක කොන්ත්‍රාත්තුවක් මත පාකිස්තාන කණ්ඩායමට එක්විය
ඔහුගේ පුහුනුකාරිත්වය යටතේ පකිස්ථානයේ පළමු තරගාවලිය වූයේ ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරිමයි,එහිදී 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කණ්ඩායමට දායකත්වය දැක්වීමට මොකල්ගේ පන්දු යැවීමේ බලකාය සමත් විය.

කෙසේ වෙතත්, තරඟ 9 කින් පරාජයන් 5 කින් පාකිස්තානය ක්‍රිකට් ලෝක කුසලානයේ අඩු දස්කම් දැක්වූ අතර, කාණ්ඩ ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයට පත් වූ අතර අවසන් පූර්ව වටයේ ස්ථානය අහිමි විය.

මොකල්ගෙන් හිස්වන පන්දු යැවීමේ පුහුණුකරු ධුරයට ඉක්මනින්ම වෙනත් ආදේශකයක් නම් කරනු ඇතයි වාර්තා වේ.

2023 දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියක් සමඟින් පාකිස්තානයේ පිරිමි කණ්ඩායම නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට නියමිතය.

sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *