ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

0
Views: 0

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් මුලික අදියර අවසන් වී ඇති අතර අවසන් පුර් ව වටය සදහා මේ වනවිතත් කණ්ඩායම් 04 ක් සුදුසුකම් ලබා ඇත.ඒ පිලිවෙලින් ඉන්දියාව,නවසීලන්තය,දකුණු අප්‍රිකාව,හා ඔස්ට්‍රේලියාවයි.ලෝක ශූරයන්ගේ කිරුළ සඳහා මෙම කණ්ඩායම් හතර බදාදා දින සිට සටන් වදිනු ඇත.

තරඟාවලිය ඔක්තෝබර් 5 වන දින ආරම්භ වූයේ ගිය වර තරගාවලියේ අවසන් තරඟකරුවන් දෙදෙනා වූ නවසීලන්තය හා එංගලන්තය අතර තරගයෙනි. එහිදී ගිය වර ශුරයන් වූ එංගලන්තය පරද නවසීලන්තය ජය ගනිමින් තරගාවලියට මුල පිරුහ.මෙවර තරගාවලියේදී පසුගිය ශුරයන් වූ එංගලන්තය පළමු වටයෙන්ම ඉවතට විසි විය.

මෙවර තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ දක්ෂතාවන් කැපී පෙනුනි.මේ වනතෙක් ක්‍රීඩා කල තරග නවයම ජය ගැන්මට ඔවුන් සමත්විය.ඔවුන්ගේ පන්දු යැවීමේ විශ්මය ට උදාහරණය වන්නේ ශ්‍රී ලංකාව ලකුණු 55කට දැවී යාමයි – එය ලෝක කුසලානයක ටෙස්ට් රටක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි. මුම්බායිහිදී පැවැති තරගයෙන් ලකුණු 302ක ජයක් වාර්තා කළ මොහොමඩ් ෂාමි කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය

විරාට් කෝලි විසින් සචින් තෙන්ඩුල්කාර්ගේ එක්දින ජාත්‍යන්තර ශතක 49 ක වාර්තාව සම කිරීමද මෙවර තරගාවලියේ එක් සුවිශේෂී අවස්ථාවකි. දෙවැනි කිරුළ අබියස සිටගෙන සිටිමින් කෝලි ඉනිම 277කදී තෙන්ඩුල්කාර් සම කළ අතර ටෙන්ඩුල්කාර් සිය 49 වැනි ස්ථානයට පැමිණීමට එක්දින ඉනිම් 450කට වඩා වැය කළේය.

ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ පළමු තරඟ දෙක ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ ආරම්භක තරඟය ඇතුළුව පරාජයටපත්විය .පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම සඳහා අඛණ්ඩ ජයග්‍රහණ හතක් ලබාගත් අතර, ලෝක කුසලානයක නොඑසේ නම්, ඇදහිය නොහැකි අවස්ථා වලින් එකක් ඔවුන් පසු කළහ .ඇෆ්ගනිස්තානයට එරෙහිව ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 201ක් තනි කකුලකින් පන්දුවට පහරදෙමින් ඔස්ට්‍රේලියාවට කඩුලු තුනක ජයග්‍රහණයක් අත්කර දෙමින් සුපිරි 4 දෙනාගේ වටයට ගෙන ගියහ.නායක කමින්ස් පැවසුවේ එය “මෙතෙක් ක්‍රීඩා කළ විශිෂ්ටතම එක්දින ඉනිම” බවත් එය ඕස්ට්‍රේලියානුවන් 91-7ක් ලෙස සිට ලකුණු 292ක් හඹා ගිය බවත්ය.

මෙවර තරගාවලියේ වාර්තා කිහිපයක් පිහිටවිය . නෙදර්ලන්තයට එරෙහිව මැක්ස්වෙල් ලකුණු 41ක ශතකයක් ලබා ගැනීමත් සමඟය – එය ලෝක කුසලානයක වේගවත්ම ශතකයයි.කුසල් පෙරේරා පන්දු 22 කින් වේගවත්ම අර්ධ ශතකය රස කළහ.

තරගවලියේ සුපිරි 4 දෙනාගේ වටයෙහි තරග 15 වෙනි දින අරබිමට නියමතයි.
පළමු තරගය ඉන්දියාව හා නවසීලන්තය අතරත් ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව අතරත් 16 වෙනිදා පවත් වීමට නියමිතයි.

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *