කේෂව් මහාරාජ් පන්දු යවන්නන්ගේ මුල් තැනට

0
Views: 0

ලෝක ක්‍රිකට් නවතම ශ්‍රේණිගතකිරීම් නිකුත් කර තිබෙනවා.පන්දු යවන්නන්ගේ අංක එකේ සිටි මොහොමඩ් සිරාජ් දෙවෙනි තැනට පත් කරමින් මහාරාජ් පළමු තැන ගනී.පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන පාකිස්තාන නායක බාබර් අසාම් ඔහු පළමු ස්ථානයේ දිට පසුබැස තිබිණි.

අඟහරුවාදා යාවත්කාලීන කරන ලද ශ්‍රේණිගත කිරීම් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා හොදම පන්දු යවන්නා ලෙස පෙන්නුම් කළේය.දෙවෙනි ස්ථානයට පත් සිරාජ් මෙතෙක් තරඟාවලියේ ඉන්දියාවේ පස්වන වැඩිම කඩුලු ලාභියා වන අතර, තරඟ 9 කදී කඩුලු 12 කට හිමිකම් කියන අතර හොඳම පන්දු යැවීම ලකුණු 16 කට කඩුලු 3 ක් ලබා ගැනීම වේ.

වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා සහ දඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවේ. බුම්රා තරගවලිය් ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වන අතර, තරග 9 කදී කඩුලු 17 ක් ලබා ගත් අතර හොඳම පන්දු යැවීම ලකුණු 39 ට කඩුලු 04 වේ.මොහොමඩ් ෂාමි නවතම ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ පසුවන අතර දඟ පන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා 19 වැනි ස්ථානයේ පසුවෙයි.

සුපිරි පිතිකරු විරාත් කෝලි ද මෙම තරඟාවලියේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් සිය සිව්වන ස්ථානය රැදෙමින් සිටි , තරග 9 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් ඇතුළුව ලකුණු 594 ක් රැස් කළේය.

කෝලිට පසුව නායක රෝහිත් ෂර්මා පස්වැනි ස්ථානයටත්, ශ්‍රෙයාස් අයියර් 13 වැනි ස්ථානයටත්, ඕස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත් සමඟ එක්ව 17 වැනි ස්ථානයේ පසුවන කේ.එල් රාහුල් දෙවැනි ස්ථානයටත් පත්ව ඇත.

sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *