ඉන්දියාව සමග අවසන් තරගයට ඔස්ට්‍රේලියාව

0
Views: 0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබමින් ඔස්ට්‍රේලියාව අවසන තරගයට සුදුසුකම් ලැබුවා.තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 212 ක් ලබා ගත්හ.ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල්පෙළ සුනු විසුනු කර දැමීමට මිචෙල් ස්ටාක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු බල ඇණිය සමත් වුනා.තම කණ්ඩායමෙහි කඩුළු එක පිට එක වැටෙද්දී හුදකලා සටනක න්රත් වූ ඩේවිඩ් මිලර් ශතකයක් ලබා ගනිමින් කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය 200 සිමාව වෙත් ගෙන ගියා.ඔහු ලකුණු 101 ක් ලබා ගැනීමත සමත් වුනා.ක්ලාසෙන් ලකුණු 47 ක් ලබා හනිමින් ඔහුට උපරිම සහයක් දක්වමින් සිය කණ්ඩායම අවමානයෙන් බේරා ගනු ලැබුවා,

පන්දු යැවීමේදී කමින්ස් හා මිචෙල් ස්ටාක් කඩුළු 03 බැගි දවා ගත්තේය,

ලකුණු 2013 ක් ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් උත්සහ කලද දකුණු අප්‍රිකානුවන්ගේ දුර්වල පන්දු රැකිම හමුවේ ජයග්‍රහණය ඩැහැ ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා.ආරම්භක පිතිකරු ට්‍රාවිස් හෙඩ් වේගවත් ලකුණු 62 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට හොද අඩිතාලමක් දමා දුන්හ.

පන්දු යැවීමේදී ශම්සි හා කොඑට්සි ස්ටාක් කඩුළු 02 බැගි දවා ගත්තේය,තරගයේ විරයා ට්‍රාවිස් හෙඩ්

ඒ අනුව් ඔස්ට්‍රේලියාව ඉන්දියාව සමගින් එළබෙන 19 වනදා අහමදාබාද් හිදී අවසන් තරගයට මුහුණ දීමට නියමිතයි

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *