පැරා ක්‍රීඩකයන් ඇගයීමට ලක් කෙරේ.

0
Views: 1

පසුගිය දා නිමාවට පත් වූ 2022 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ විශේෂ උත්සවයක් අද MAS ආයතනයේ පසුගියදා පැවැත්වුණා.

MAS ආයතනයේ සංවිධානයෙන් පැවති මෙම විශේෂ උපහාර උළෙල සඳහා එම ආයතනයේ නිලධාරීන්, පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ජාතික පැරාලිම්පික් කමිටුවේ සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියා.

චීනයේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 11ක් දිනා ගැනීමට සමත් වුනා.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහබාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාට උපහාර දැක්වීම ඉතා ශුවිශේෂී කරුණක් විය.

තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්ට ද සිය සුවිශේෂී තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ක්‍රීඩා ඇදුම් සැපයීම MAS ආයතනය විසින් සිදු කරන අතර එය සඳහා ක්‍රීඩකයින්ගේ ද විශේෂ ස්තුතිය පුද කර සිටියා.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *