බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

0
Views: 1

එක්දින, T 20 හා ටෙස්ට් යන සියලු තරග වල පාකිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව බාබර් අසාම් ප්‍රකාශ කර තිබේ.
තමන් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වූ බව සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් හරහා තහවුරු කළ Babar Azam, කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීම අසීරු තීරණයක් වුවත්, තීරණය ගැනීමට සුදුසුම කාලය මෙය බව සඳහන් කර තිබෙනවා.

Babar Azam තරග අංශ තුනේදීම පාකිස්තාන කණ්ඩායමට දිගටම ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇති අතර පත්වන නව නායකයෙකුට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.

එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය දුර්වල දස්කම් දැක්වීම සහ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීම බොහෝ විවේචනවලට තුඩු දී තිබේ. තත්ත්වය මෙසේ තිබියදී කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු මෝර්නි මෝකල් පසිගියදා ඉල්ලා අස්වී තිබේ. මෙයින් පසු බාබර් අසාම්ද කණ්ඩායම් නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

2019 වසරේ සීමිත ඕවර තරගවලදී පාකිස්තානු කණ්ඩායම මෙහෙයවීම ආරම්භ කළ බබාර් අසාම්, පසුව 2021 වසරේ කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස කටයුතු කර පාකිස්තානය ක්‍රිකට් අංශ තුනේදීම මෙහෙයවීමට පටන් ගත්තේය.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන කණ්ඩායම 2022 ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර එම වසරේම පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයටද සුදුසුකම් ලබාගත්තා. කෙසේ වෙතත්, ඇතැම් තරගමාලාවල ශූරතාව දිනා ගැනීමට කණ්ඩායමට නොහැකි විය.

පකිස්තානු කණ්ඩායමේ නව නායකයා ලෙස සහීන් ශා අෆ්රිඩි පත්කිරීමට නියමිතව ඇති බව වාර් තාවේ.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *