ලෝක වාර්තා තබමින් ඉන්දියාව අවසන් සටනට

0
Views: 0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පුර් ව තරගයේදී විශිෂ්ට ජයක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නවසීලන්තයට දැවැන්ත ලකුණු පුවරුවක් ලබා දුන්නා.

තරගයේදී ශතකයක් ලබාගත් විරාට් කෝලි නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා,ඒ එක්දින ශතක 49 ක් ලබා සචින් ටෙන්ඩුල්කාර් තබා තිබු වාර්තාව ශතක 50 ක් අඩු තරග ප්‍රමාණයකින් ලබා ගනිමිනි.ඔහු පන්දු 113 කින් ලකුණු 117 ක් ලබා ගනිමින් මෙම දස්කම දැක්වුවා.ඔහුට අනගි සහයක් දුන් ශේරිස් අයියර් ව්පන්දු 70 වකදී වේගවත් ලකුනු 105 ක් ලබා ගනිමින් ඉන්දීය ලකුණු පුවරවුව ඉහල දැමුවා.ශුබ්මන් ගිල් පන්දු 66 කදී ලකුණු 80 ක් ලබා ගනු ලැබුවා.
පන්දු වාර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 396 ක් ලබා ගනිමින් නවසීලන්තයට දැඩි පීඩනයක් එල්ල කළා.

ලකුණු 397 ක් දැවැන්ත ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි නවසිලන්ත කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන් මුලින් දැඩි පීඩනයක් එල්ල කලත් නායක විලියම්සන් හා ඩැරල් මිචෙල් ඉන්දීය පන්දුයවන්නන් සිය පාලනයට නතුකර ගැනීමට සමත් වුනා,නැවතත් ක්‍රියාත්මක වූ මොහොමඩ් සාමි නායක විලියම්සන් දවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණය වුනා.විලියම්සන් පන්දු 73 කදී ලකුණු 69 ක් ලබා ගත්ත,ඩරල් මිචෙල් අනගි ශතකයක් ලබා ගත්තත් එය නවසිලන්ත ජයග්‍රහණයට ප්‍රමාණවත් වුයේ නැත.ඔහු පන්දු 119 කින් ලකුණු 134 ක් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සාමි කඩුලු 07 ක් දව ගනිමින් ඉන්දීය කණ්ඩායමේ අවසන මහතරගයට පිවිසීමේ දොරටු විවර කලා.

එම ජයත් සමග අඛණ්ඩ තරග 10 ක ජයත් සමගින් සිව් වන වරටත් ලෝක කුසලාන අවසන් තරගයකට පිවිසීමේ භාග්‍ය ඔවුන් හිමි කර ගත්තා.ඒ අනුව එලෙබෙන් 19 වනදා අවසන තරගයට ඔස්ට්‍රේලිය ,දකුණු අප්‍රිකා තරගයෙන් ජය ගන්න කණ්ඩායම සමග අහමදාබාද් හිදී තරග වැදීමට නියමිතයි.

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *