අවසන් තරඟය දිනන්නේ කවුද?

0
Views: 1

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව ICC ලෝක කුසලාන අවසන් තරගය , IND vs AUS තරඟය දිනන්නේ කවුද?

මෙම අවස්ථාව ක්‍රිකට් ලෝලීන් පුල පුලා බලා සිටි දිනයයි. නොවැම්බර් 19 වැනිදා ඉන්දියාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන්ගේ තෙවැනි එක්දින ලෝක කුසලානය හිමිකර ගැනීමට නියමිත අතර ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ හයවැනි එක්දින ලෝක කුසලානය හිමිකර ගැනීමට බලනු ඇත. මෙතෙක්, මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සාර්ථකම කණ්ඩායම වී ඇත,ඔවුන් මුහුණ දුන් තරඟ 10 කදී ජයග්‍රහණ 10 ක් සමඟ තරඟාවලියේ තවමත් අපරාජිතව සිටියි. අනෙක් අතට ඔස්ට්‍රේලියාව තරගාවලිය ආරම්භ කළේ පිට පිට පරාජයන් දෙකකිනි. ශ්‍රී ලංකාව අතර පැවතී තරගය ජයගෙන ඔවුන් තවගවලියට සාර්ථක ආරම්භයක් ලබාගෙන සහභාගී වූ ඉදිරි තරග 8 ජයගෙන ඔවුන් අවසන් මහා තරගයට පැමිණීම දක්වා අපරාජිතව සිටියහ.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව මේ වන විට එක්දින තරඟ 150කට මුහුණට මුහුණ ක්‍රීඩා කර තිබෙනවා. ඉන් 57ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව 81ක් ජයග්‍රහණය කර ඇත. තරග 10ක් ප්‍රතිඵල විසදිමකින් තොරව අවසන් විය . ලෝක කුසලාන තරගවලදී ඔවුන් මේ වන විට 13 වතාවක් මුහුණ දී ඇත. ඉන් 8ක් ඕස්ට්‍රේලියාවත්, 5ක් ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.

මෙම කණ්ඩායම් දෙක අතර අවසන් වරට පැවති ලෝක කුසලාන තරග 5 කදී ඉන්දියාව තෙවරක් සහ ඔස්ට්‍රේලියාව දෙවරක් ජයග්‍රහණය කර ඇත. 2003 ICC ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 125 කින් ඉන්දියාව පරාජය කළේය. 2011දී ඉන්දියාව කඩුලු 5කින් ජය ගත්තා. 2015 දී ඕස්ට්‍රේලියාව ලකුණු 95 කින් ජයග්‍රහණය කළ අතර 2019 දී ඉන්දියාව ලකුණු 36 කින් ජයග්‍රහණය කළේය. මේ වසරේ ඔක්තෝබර් 8 වන දින පවතී මුලික වටයේ තරගයෙන් පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඉන්දියාව තරගය කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය (මොටෙරා ක්‍රීඩාංගනය ලෙසද හැඳින්වේ) පිතිකරුවන්ට උචිත ක්‍රීඩා පිටියක් ලෙස ප්‍රසිද්ධ වුවද, දඟ පන්දු යවන්නන් සදහා බොහෝ විට වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. අපි බලමු මෙවර ලෝක කුසලානයේ අහමදාබාද් තණතීරුවේ හැසිරීම කෙසේද කියා.

තරගාවලියේ මෙතෙක් මෙහි පැවැති තරග 4දී ලකුණු හඹායාමේදී කණ්ඩායම් 3ක් ජයගෙන තිබේ. ඔක්තෝබර් 5 වැනිදා එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති තරගයේදී නවසීලන්ත පිලේ පිතිකරු රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 123ක් රැස්කරමින් තම කණ්ඩායමට කඩුලු 9ක ජයක් තහවුරු කළේය. දඟ පන්දු යවන්නන් (මිචෙල් සැන්ට්නර්, ග්ලෙන් ෆිලිප්ස් සහ රවීන්ද්‍ර) එම තරගයේ දී කඩුලු 10න් අඩක් දවා ගත්හ.

ඔක්තෝම්බර් 14 වනදා පැවති ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟයේදී දඟපන්දු යවන්නන් (කුල්දීප් යාදව් සහ රවීන්ද්‍ර ජඩේජා) තරඟයේ දැවීගිය මුළු කඩුලු 13න් 4ක්ම දවා ගත් අතර ඉතිරි කඩුලු ලබා ගත්තේ වේගපන්දු යවන්නන්ය. නොවැම්බර් 4 වැනිදා ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයේදී දඟ පන්දු යවන්නන් (ලියම් ලිවින්ග්ස්ටෝන්, ආදිල් රෂීඩ් සහ ඇඩම් සම්පා) දැවීගිය මුළු කඩුලු 20න් 6ක්ම දවා ගත්හ.

නොවැම්බර් 10 වැනිදා ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී දඟ පන්දු යවන්නන් (කේෂව් මහාරාජ්, මොහොමඩ් නබි සහ රෂීඩ් ඛාන්) මුළු කඩුලු 15න් 6ක්ම දවා ගත්තා. ඉතින්, අපි මෙවර තරගාවලියේ සංඛ්‍යාලේඛන අනුව බැලුවහොත් , දඟ පන්දු යවන්නන් මෙම තනතිරුවේ තීරණාත්මක සාධකයක් වී නොමැති බව පෙනේ.

Google හි ජයග්‍රාහී සම්භාවිතාවට අනුව, ඉන්දියාව ඕස්ට්‍රේලියාව පරාජය කර නැවත ලෝක ශූරයන් වීමට 70% ක සම්භාවිතාවක් ඇත.

විචිත්‍රවත් සමාප්ති උළෙලක් සමගින් අවසන් තරගය අද ප. ව. 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

SPORTZLANKA.COM

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *