ක්‍රිකට් තහනම ඉවත් වෙයිද ?

0
Views: 0

ක්‍රිකට් තහනම ඉවත් වෙයිද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පිළිබද තීරණය අද 21 ලබාදීමට නියමිතයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගියදා නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලදී.සමාජ මාධ්‍ය විසින් වාර් තා කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකල ඉල්ලීමකට අනුව මෙම ඇත හිටුවීම සිදුකල බවයි.

මේ කතාබහ පවතින අතර තුර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකළේ යයි කියන ලද ලිපියක් පාර් ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබුණි.

ඒ කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලදාරීන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ අහමදාබාද් හිදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *