2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව පරදවා විශිෂ්ට දස්කම් දක්වමින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

0
Views: 0

ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති අවසන් තරගය කඩුලු 6 කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීමත් සමඟයි. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි.පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් KL Rahul ලකුණු 66 ක්, Virat Kohli ලකුණු 54 ක් හා Rohit Sharma ලකුණු 47 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Mitchell Starc කඩුලු 3 ක් හා Josh Hazlewood හා Pat Cummins කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 43 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Travis Head ලකුණු 137 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Marnus Labuschagne ලකුණු 58 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah කඩුලු 2 ක් හා Mohammed Shami එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වුණා.

sportzlanka.com

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *